ආර්ටිමිස් 1 චන්ද්‍ර මෙහෙයුම යටතේ යටතේ අභ්‍යවකාශගත වීමට නියමිතව තිබූ එක්සත් ජනපද නාසා ආයතනයේ ස්පේස් ලොන්ච් සිස්ටම් රොකට්ටුව, ගුවන්ගත කිරීමට නියමිතව තිබූ අවසන් පැය කීපයේදී අවලංගු කර තිබේ.
නාසා ආයතනය පැවසුවේ, අදාළ රොකට්ටුවේ ඇන්ජිමේ නළයක සිදුවූ කාන්දුවක් නිසා සැලසුම්සහගත ගමන අවලංගු කළ බවයි.
ඒ අනුව, මෙම දෝෂය යළි නිවැරදි කර ගැනීමට නාසා ඉන්ජිනේරුවන්ට හැකි වුවහොත් එලැඹෙන සිකුරාදා (2දා) රොකට්ටුව යළිත් වරක් අභ්‍යවකාශගත කිරීමට නියමිත බවද දැනුම් දෙයි.
මෙම මෙහෙයුම යටතේ, ස්පේස් ලොන්ච් සිස්ටම් රොකට්ටුව මගින් නියමුවන් රහිත ඔරායන් චන්ද්‍ර යානය රැගෙන අභ්‍යවකාශගත වීමට නියමිතව තිබුණි. ඒ අනුව, මෙම ඔරායන් චන්ද්‍ර යානය සඳ බලා ගමන් අරඹයි.