නාසා සහ බෝයිං මෙම දශකය තුළ වායු විමෝචනය අඩු කරන ගුවන් යානයක් තැනීම, පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම සඳහා තිරසාර ගුවන් ගමන් නිරූපණ ව්‍යාපෘතිය සඳහා එක්ව කටයුතු අරඹා තිබේ.
"ආරම්භයේ සිටම, ඔබ පියාසර කරන විට නාසා ඔබ සමඟ සිටියා. නාසා ආයතනය තවත් බොහෝ දුර, වේගවත්, ඉහළට යාමට නිර්භීත වී සිටිනවා. එසේ කිරීමෙන්, නාසා විසින් ගුවන් සේවා වඩාත් තිරසාර සහ විශ්වාසනීය බවට පත්කර තිබෙනවා. එය අපගේ ජාන තුළම පවතින්නක්." නාසා පරිපාලක බිල් නෙල්සන් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"බෝයිං සමග නාසා හි පූර්ණ පරිමාණ ආදර්ශකයක් නිෂ්පාදනය කිරීම සහ පරීක්ෂා කිරීම අපගේ ඉලක්කය වන්නේ පරිසරයට, වාණිජ ගුවන් සේවා කර්මාන්තයට සහ ලොව පුරා සිටින මගීන්ට ප්රතිලාභ සමග වඩාත් ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුතු අනාගත වාණිජ ගුවන් යානා ඇති කිරීමට උපකාරයක් වන නිසයි. වර්ෂ 2030 වනවිට මහජනතාව අහසට ගෙන යන ගුවන් යානාවල මේ තාක්ෂණයන් අපට දැකගත හැකියි." හෙතෙම වැඩිදුරටත් පැවසීය.