නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ගෝලීය නායකත්වය හා එකමුතුකම නොමැතිකම වෛරසය පැතිර යාමට විශාල තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ඩුබායි හිදී ලෝක රාජ්‍ය සමුළුව විසින් ඊයේ (22දා) සංවිධානය කරන ලද අතථ්‍ය සෞඛ්‍ය සංසදයකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම අදහස් පළ කළේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ වසංගතය දේශපාලනීකරණය කිරීම වඩාත් නරක අතට හැරී ඇති බවයි.
ඔහු මෙහිදී නම් සඳහන් නොකළත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමහර සාමාජික රටවල් මෙම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කර ඇත. විශේෂයෙන් එක්සත් ජනපදය එය රෝගය පාලනය කිරීමේදී ඉතා දුර්වල, මන්දගාමී සහ චීනය කේන්ද්‍රීය යැයි පැවසීය.
"ලෝකයට නායකත්වයක් හා ගෝලීය සහයෝගීතාවයේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා" ටෙඩ්‍රොස් පැවසීය.