ඉරානය සිය න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමඟ ලබන මාසයේ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇති බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා බ්‍රසල්ස් හි යුරෝපා සංගම් මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැවසීය.
"නොවැම්බර් මස අවසානයට පෙර සාකච්ඡා ආරම්භ කිරීමට අපි එකඟ වූවා. නිශ්චිත දිනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇති" ටෙහෙරානයේ ප්‍රධාන සාකච්ඡාකරු ලෙසද කටයුතු කරන අලි බගෙරි සඳහන් කළේය.
ටෙහෙරානයේ දැඩි මතධාරියෙකු බලයට පත්වීමෙන් පසුව 2015 ගිවිසුම නැවත යථා තත්ත්වයට පත් කිරීම ඉලක්ක කර ගනිමින් වියානා හි සාකච්ඡා යළි ඇරඹීඹට යුරෝපා සංගමය සහ ලෝක බලවතුන් පොරකමින් සිටිති.
හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 මැයි මාසයේදී මෙම සාකච්ඡාවලින් ඉවත් වී විශාල සම්බාධක ඉරානයට පැනවූ දා සිට එහි මතභේදාත්මක න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ අර්බුදයට දිගුකාලීන විසඳුමක් සෙවීමට ඉරානය සහ ලෝක බලවතුන් අතර ඇති එකඟතාව අභාවයට යමින් පැවතිණි.