න්‍යෂ්ටික සාකච්ඡා කඩිනමින් යළි අරඹන බව ඉරානය කියයි


ඉරානය 2015 න්‍යෂ්ටික ගිවිසුමට ඉතා ඉක්මනින් අනුකූල වීම යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා නැවත පැමිණෙන බව ඉරාන විදේශ ඇමති හොසේන් අමිරාබ්දොල්ලාහාන් පවසයි.

"ඉරානයේ ඉස්ලාමීය ජනරජය නැවත සාකච්ඡා මේසය වෙත පැමිණෙනු ඇති. අපි දැනට වියානා සාකච්ඡා ලිපිගොනු සමාලෝචනය කරමින් සිටිනවා. ඉතා ඉක්මණින් ඉරානය 'ෆෝ ප්ලස් වන්' රටවල් සමග සාකච්ඡා නැවත ආරම්භ වනු ඇති" යැයි අමිරාබ්දොල්ලාහියන් පැවසීය.

රොයිටර් වාර්තාවකට අනුව ඔහු සඳහන් කළේ 2015 අප්‍රේල් මාසයේදී ඉරානය විසින් සෙසු රටවල් වන බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව අතර ආරම්භ වූ සාකච්ඡා පිළිබඳය. වොෂිංටනය සහ ටෙහෙරානය අතර යුරෝපා තානාපතිවරුන් ප්‍රධාන අතරමැදියන් ලෙස කටයුතු කර ඇති අතර, ඉරානය එක්සත් ජනපද නිලධාරීන් සමග සෘජුව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සම්මුතිය යටතේ ඉරානය ආර්ථික සම්බාධක ඉවත් කිරීම සඳහා න්‍යෂ්ටික අවි වෙත යා හැකි යුරේනියම් පොහොසත් කිරීමේ වැඩසටහන සීමා කළේය. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ගනුදෙනුවෙන් ඉවත් වී නැවත සම්බාධක පැනවීම, ඉරානයේ ආර්ථිකය අඩපණ කිරීම සහ ඉරානය එහි න්‍යෂ්ටික සීමාවන් උල්ලංඝනය කිරීමට පියවර ගන්නා ලෙස බල කිරීමක් විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී අදහස් දක්වමින් විදේශ ඇමති ඉරාන සහ සෞදි නිලධාරීන් අතර පැවති සංවාද "ඵලදායී" ලෙස විස්තර කළ අතර යේමනයේ සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා ටෙහෙරානය ඵලදායී යෝජනා ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය.



Recommended Articles