න්‍යෂ්ටික යුද බිය ගැන බයිඩන් අදහස් දක්වා සිටියි


යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් වොෂිංටනය සහ මොස්කව් අතර ආතතීන් න්‍යෂ්ටික යුද්ධයක් දක්වා උග්‍ර වනු ඇතැයි යන බිය ජනාධිපති ජෝ බයිඩෙන් ඉවත් කර ඇති අතර, එවන් ගැටුමක අවදානම් පිළිබඳව කනස්සල්ලට පත්වීමට ඇමෙරිකානුවන්ට කිසිදු හේතුවක් නොමැති බව පවසා සිටියි.

න්‍යෂ්ටික යුද්ධයක් ගැන ඇමෙරිකානුවන් කනස්සල්ලට පත්විය යුතුදැයි වාර්තාකරුවෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් බයිඩන් කෙටියෙන් පිළිතුරු දුන්නේ, “නැහැ” යනුවෙනි. ධවල මන්දිරයේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් පිරිසක් විසින් බයිඩන් සහ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ඇවිද යමින් සිටියදී මෙම ප්‍රශ්නය යොමු කළහ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඉරිදා සිය රටේ න්‍යෂ්ටික අවි ඇතුළුව ප්‍රධාන හමුදා ඒකක සියල්ල ඉහළම සීරුවෙන් තැබීමට අණදී තිබුණි. පූටින් යුක්‍රේනයේ සිදුකරන ප්‍රහාර නතර නොකළහොත් නැගෙනහිර යුරෝපයේ අනෙකුත් රටවල් නේටෝව සමග ගැටුමකට තුඩු දෙන තර්ජනයකට ලක්වනු ඇති බවට ස්කයි නිව්ස් වෙත පැවසූ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ලිස් ට්‍රස්ගේ අදහසකට ප්‍රතිචාර වශයෙන් පූටින් මෙම පියවර ගෙන ඇති බව මොස්කව් පැවසීය.



Recommended Articles