න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා හදිසියේ ජීවිතක්ෂයට


ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ යුකියා අමානෝ ජීවිතක්ෂයට පත්ව තිබේ.

2009 වසරේ සිට එම ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු ලබන මාර්තු මාසයේදී එම ධුරයට සමුදීමට නියමිතව තිබුණත්, අවුරුදු 72ක් ආයු වළඳා ඔහු හදිසියේම දිවියෙන් සමුගෙන ඇත.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු ඔහුගේ ධුර කාලය තුළදී අතිශය සංකීර්ණ න්‍යෂ්ටික ගිවිසුම් සම්බන්ධයෙන් නියාමකයෙකු ලෙස ඔහු සිය ආයතනය මෙහෙයවනු ලැබීය.

කෙසේ වෙතත්, ඔහුගෙන් හිස්වන ධුරය සඳහා පත්වන නව ප්‍රධානියා පිළිබඳ ඉඟියක් හෝ මෙතෙක් ඉදිරිපත්ව නොමැති වුවත්, ලබන සතියේදී එම නව පත්වීම සිදුවනු ඇති බව පමණක් සඳහන් වෙයි.



Recommended Articles