උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළක් ගැන කරමින් යළිත් වරක් ගිනි ඇවිලීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ අමාත්‍යවරයා පවසයි.
ප්යොන්ග්යැන් වෙත වූ සම්බාධක තවදුරටත් පවත්වාගෙන යන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ විසින් සිදුකරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් විදේශ අමාත්‍ය රී යොන්ග්-හෝ මෙම අදහස් පළ කර තිබේ.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර ඓතිහාසික හමුවක් පසුගිය ජූනි මාසයේදී සිදුවූ අතර, එහිදී, න්‍යෂ්ටිකහරණයක් සම්බන්ධයෙන් දෙරටම එකඟතාවකට පැමිණ තිබුණි.
කෙසේ වෙතත්, උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැර නොමැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ට එරෙහි සම්බාධක තවදුරටත් පවත්වාගෙන යන බව අවධාරණය කළේය.
එමෙන්ම. ඇමෙරිකානු බුද්ධි තොරතුරු විසින්ද උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සම්බන්ධ තොරතුරු අනාවරණයක් සිදුකර තිබුණි.
ඒ අනුව, පසුගියදා සිංගප්පූරුවේදී පැවති හමුවක් අමතමින් පොම්පිඕ පවසා තිබුණේ උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණයක් වෙත කැඳවා ගැනීමට ඔවුන් වෙත තවදුරටත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් පීඩනයක් එල්ල කළ යුතු බවයි.