න්‍යෂ්ටික අවි ඇති රටවල් 5ක් අවි තරගයක් නැති බව කියයි


ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති ප්‍රබල රාජ්‍යයන් 5ක් වන චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධය වැලැක්වීමට සහ අවි තරඟවලින් වැළකී සිටින බවට විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම සිදුවිය.

න්‍යෂ්ටික අවි සහිත රාජ්‍ය පහේ නායකයින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින්ද වන අතර, ඔවුන් න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම (NPT) හා බැඳීම සඳහා ඔවුන්ගේ කැපවීම තහවුරු කළහ.

"අපගේ න්‍යෂ්ටික අවි කිසිවක් එකිනෙකා හෝ වෙනත් රාජ්‍යයක් ඉලක්ක කර ගන්නේ නැහැ" නායකයෝ ප්‍රකාශයේ යළිත් තහවුරු කළහ. "න්‍යෂ්ටික යුද්ධයක් ජයගත නොහැකි අතර, කිසිදා සටන් නොකළ යුතුයි."

හමුදාමය ගැටුම් වළක්වා ගැනීම, ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වැඩි කිරීම සහ කිසිවෙකුට ප්‍රතිලාභයක් නොවන සහ සියල්ලන්ටම අනතුරක් නොවන අවි තරගය වැලැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයන් දිගටම සොයන බවද රටවල් පැවසීය.

ඔවුන් අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ එකිනෙකාගේ ආරක්‍ෂක අවශ්‍යතා සහ උත්සුකයන් පිළිගනිමින් නිර්මාණාත්මක සංවාදයක් පවත්වාගෙන යනු ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

න්‍යෂ්ටික අවි අනවසරයෙන් හෝ අනපේක්ෂිත ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ජාතික ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිප්‍රාය රටවල් පහ විසින් ප්‍රකාශ කරන ලදී.

න්‍යෂ්ටික අවි සිය ආරක්‍ෂක අරමුණු සඳහා සේවය කළ යුතු අතර, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක අවසාන ඉලක්කය සමග නිරායුධකරණයේ ප්‍රගතිය සඳහා වඩාත් හිතකර ආරක්ෂක පරිසරයක් නිර්මාණය කිරීමට සියලු රාජ්‍යයන් සමග කටයුතු කරන බවද නායකයෝ ප්‍රතිඥා දුන්හ.



Recommended Articles