නවසීලන්තයේ මෑතකදී සිදුවූ කොවිඩ් යළිනැගිටීමේ වගකීම ගෙන සෞඛ්‍ය ඇමති අස්වෙයි


COVID-19 වසංගත මනාව පාලනය කර තිබූ නවසීලන්තය වෙත මෑතකදී විදේශයකින් පැමිණි අයෙකු හරහා වෛරසය යළි පැතිරයාමේ සිද්ධියේදී එය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ සමස්ත භූමිකාවේදී තමන් පෞද්ගලිකව දැක්වූ ප්‍රතිචාරයේ දුර්වලතාව පිළිබඳ වගකීම භාරගෙන එරට සෞඛ්‍ය ඇමති ඩේවිඩ් ක්ලාක් ඉල්ලා අස්විය.

"COVID-19 සහ ගෝලීය වසංගතයට රජය දක්වන සමස්ත ප්‍රතිචාරය කෙරෙහි මගේ භූමිකාව අඛණ්ඩව පැවතීම සම්බන්ධයෙන් අවධානය වෙනතකට යොමු වූ බව මට වඩ වඩාත් පැහැදිලි වී තිබෙනවා." ඔහු පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ක්ලාක් කියා සිටියේ අගමැති ජසින්ඩා ආර්ඩර්න් සිය ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවයි.



Recommended Articles