නවසීලන්තයේ පිහිඇණුම් කළ ශ්‍රී ලාංකේය IS ත්‍රස්තයාට වෙඩි


IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ සහ ත්‍රස්තවාදී ලැයිස්තුවේ සිටි දැඩි අන්තවාදියෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලකදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ.

අද (03දා) සිදුව ඇති මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ජීවිතය සමග සටනක නිරත වන අතර, වෙඩි වැදුණු ත්‍රස්තවාදියා නිව් ලින් හි කවුන්ට්ඩවුන් සුපිරි වෙළෙඳ සැල තුළදීම ජීවිතක්ෂයට පත්විය.

ප්‍රහාරයට ලක්වූවන්ගෙන් තිදෙනෙකු බෙල්ලේ සහ පපුවේ තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවන බව නවසීලන්ත රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

නීතීමය හේතූන් මත S නමින් පමණක් හැඳින්වෙන 32 හැවිරිදි මොහු ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඔහු අතිශය භයානක මට්ටටමේ අන්තවාදී ත්‍රස්තයෙකු බවත් අගමැති ජසින්ඩා අර්ඩේන් පවසා සිටියේ, මෙම ත්‍රස්තයා පිළිබඳ 2016 සිටම පැය 24 අවධානයෙන් සිටි බවද සිහිපත් කරමිනි.



Recommended Articles