නවසීලන්තය ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 12 ක් වාර්තා කළ බව එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14දා) නිවේදනය කළේය.
නව ආසාදිතයන් සියල්ලම දේශීයව සම්ප්‍රේෂණය වූ සිද්ධීන් බවද නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මාධ්‍ය හමුවකට එක්වෙමින් කීවේය.
එහිදී නව ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු පාසල් සිසුන් බවත්, තව සිද්ධියක් පෙර පාසල් සිසුවෙකු බවත් හෙතෙම සඳහන් කළේය.
බ්ලූම්ෆීල්ඩ් සඳහන් කළේ මෙම සිසුන් සහභාගී වූ පාසල් දෙක සහ පෙර පාසල වසා දමා ඇති අතර සමීප සම්බන්ධතා සොයා ගැනෙමින් පවතින බවය.
මේ සතියේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සමීප සම්බන්ධතා 771 ක් ජාතික සම්බන්ධතා සොයා ගැනීමේ සේවාව මගින් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
බ්ලූම්ෆීල්ඩ් නිවේදනය කළේ බ්‍රහස්පතින්දා පමණක් නව කොරෝනා වෛරස පරීක්ෂණ 15,703ක් රට තුළ සිදුකර ඇති බවය.
"කොවිඩ්-19 සමග ඇති අපගේ පළමු වැනි අත්දැකීමෙන් අප සියල්ලන්ම ඉගෙන ගත් පරිදි, පොකුරක් හඳුනාගත් පසු එය මන්දගාමී වීමට පෙර වර්ධනය වෙනවා. එය එසේ වන බව අප බලාපොරොත්තු විය යුතුයි." මාධ්‍ය අමතමින් අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් කියා සිටියාය.
කෙසේ වෙතත් කොවිඩ්-19 සටනේ පෙරමුණ ගෙන සිටි නවසීලන්තය මෙම නව ආසාදිත පොකුර හා දෙවැනි රැල්ල සමග රට තුළ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔක්ලන්ඩ් නගරය ලොක්ඩවුන් කර, ජනතාව ඒකරාශී වීම් වළක්වා, මුඛ ආවරණ නීති දැඩි කරමින් වඩා වේගවත් පරිශ්‍රමයක යෙදෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.