නවසීලන්තයේ කොරෝනා උපාය ෆේල් - ඔස්ට්‍රේලියාව


වෛසරයේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ අද නවසීලන්තයද මුහුණදෙන තත්ත්වය දෙස අප බැලුවොත්, තමන්ට කොරෝනා රෝගය සදටහම තුරන් කළ හැකි යැයි ඕනෑම ප්‍රාන්තයක් හෝ ප්‍රදේශයක් සිතනවා නම් එය තනිකරම විකාරයක් බව ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.  

කොවිඩ්-19 ආසාදිතයන්ගේ වර්ධනය සමග පීඩනයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ නවසීලන්තය උදාහරණයක් ලෙස සලකමින් වෛරසය සදහටම තුරන් කිරීම අනුගමනය කළ නොහැකි බව තේරුම්ගත යුතු බවයි.

"ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙසේ හෝ තමන්ට කොවිඩ්-19 රෝගයෙන් සදහටම ආරක්ෂා විය හැකි ඕනෑම ප්‍රාන්තයක් සහ ප්‍රදේශයක් සිතනවා නම් එය විකාරයක්. මම කියන්නේ නවසීලන්තයටත් ඒක කරන්න බැහැ. ඔවුන් අනුගමනය කළේ වෛරසය තුරන් කිරීමේ උපාය මාර්ගයක්. ඔවුන් අගුලු දමාගෙන සිටිනවා. ඒ සඳහා ඇති එකම උපාය මාර්ගය නම් ජනාතවගෙන් 70% සහ 80%ක් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ආරක්ෂිතව රට විවෘත කිරීමයි" අගමැති මොරිසන් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles