නවසීලන්තයේ දින 102කට පසුව යළිත් වරක් නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දමා තිබියදීත් අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙම නව ආසාදිතයන් 13න් 12ක්ම පෙර පැවති ඕක්ලන්ඩ් ප්‍රජා සිද්ධීන් ආශ්‍රිත පොකුරට සම්බන්ධ වී ඇති අතර, එක් සිද්ධියක් විභාග වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් වෙලින්ටන්හි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම නව ආසාදිතයන් සමග වසර ආරම්භයේ සිට නවසීලන්තයේ සමස්ත ආසාදන 1,622ක් දක්වා ගෙන එනු ලබන අතර දැනට ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 56කි. මේ දක්වා පුද්ගලයින් 22 දෙදෙනෙකු වෛරසය ආසාදිතය මියගොස් තිබේ.