නවසීලන්තය රට පුරා අගුලු දැමීම තවදුරටත් දීර්ඝ කරයි


ඩෙල්ටා වසංගතයේ සැබෑ පැතිරීමේ ප්‍රමාණය තවමත් නොදන්නා බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් එරට කොරෝනා වෛරසයට එරෙහි දැඩි ලොක්ඩවුන් තත්ත්වය අද (20දා) තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය දක්වා අගුලු දැමීම ක්‍රියාත්මක වන බව ආර්ඩෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

නවසීලන්තය ගෙවුණු දිනයේ කොවිඩ්-19 හි ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා කළ අතර, වර්තමාන ඕක්ලන්ඩ් නගරයේ ප්‍රජා පැතිරීම හා සම්බන්ධ මුළු ආසාදන සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව සිද්ධීන්ගෙන් 8ක් ඕක්ලන්ඩ් වල සහ තුනක් වෙලින්ටන්වලින් වාර්තා වන අතර, මෙම ප්‍රජා වසංගතය ඕක්ලන්ඩ්වලදී දුටු පළමු වැනි අවස්ථාවද මෙයයි.

ඒ අනුව වෙලින්ටන්හි තිදෙනා මෑතකදී ඕක්ලන්ඩ් වෙත සංචාරය කර නැවත පැමිණ ඇති අයවලුන් බව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles