නවසීලන්තය නව කොවිඩ් ආසාදිත 13ක් වාර්තා කරයි


නවසීලන්තය ගෙවීගිය පැය 24ක කාලය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු හමුවී ඇති බවද සඳහන් වෙයි.

දින 102ක කාලයක් කිසිදු දේශීය සම්ප්‍රේෂණයක් නොමැතිව ලෝකය හමුවේ වඩාත් කැපීපෙනෙන කොරෝනා පාලනය කළ රට බවට පත්වූ නවසීලන්තයට මේ ඇති වූ වෛරසයේ දෙවැනි නැගිටීම එරට මැතිවරණයද සති හතරකින් කල් දැමීමට හේතු විය.



Recommended Articles