නවසීලන්තය ගෙවුණු දිනයේ නව කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවට එරට සෞඛය අංශ අනතුරු අඟවා තිබේ.
එසේම දේශීය ආසාදිත සම්ප්‍රේෂණයක් නොමැතිව දින 100කට වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසුව පැන නැගුණු ආසාදන නිසා නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරය අවට අගුලු දමා තිබේ.
ඕක්ලන්ඩ් හි එකම පවුල තුළ නව ආසාදිතයන් 4 දෙනෙකු බලධාරීන් විසින් මුලින් වාර්තා කිරීමත් සමග, දින තුනක් ඕක්ලන්ඩ් වැසියන්ට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කර තිබේ.
එහිදී විශාල රැස්වීම් තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා තිබේ. ඉන් නොනැවතී සමාජීය දුරස්ථ සීමා කිරීම් නැවත හඳුන්වා දීමටද නවසීලන්තය බලාපොරොත්තු වෙයි.
මෙසේ නවසීලන්තය වසංගතයේ සීමා යළි ඉහළ දැමීමත් සමග ජනතාව ඊයේ දිනයේ වෙළෙඳ සැල් වෙත ගොස් එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැනීමට දැඩි උනන්දුවක් දක්වන ආකාරය දැකිය හැකි විය.