නවසීලන්ත පොලීසිය එන්නත් විරෝධීන් බලෙන් ඉවත් කරයි


කොවිඩ්-19 එන්නත් විධිවිධාන සහ වසංගත සීමා කිරීම්වලට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත දින තුනක් කඳවුරු බැඳ සිටි විරෝධතාකරුවන් සිය ගණනක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට නවසීලන්ත පොලීසිය ආරම්භ කර තිබේ.

කැනඩාවේ දින 13ක ට්‍රක් රථ පෙළපාලිවලින් ආශ්වාදයක් ලැබූ දහස් ගණන් නවසීලන්ත එන්නත් විරෝධී ජනයා වෙලින්ටන් අගනුවර සිය වාහන සමග වීදි අවහිර කරමින් රැඳී සිටියේය.

අගමැති ජසින්ඩා ආර්ඩර්න් විරෝධතාකරුවන්ට පැවසුවේ "කරුණාකර ඉවත්වෙන්න" කියාය. එසේම, "මෙම පෙලපාලිය මගින් නවසීලන්තයේ ඉදිරි ගමන කොතැනකද යන්න පිළිබිඹු නොවන" බවද ඇය අවධාරණය කළාය.

කෙසේ වෙතත් අගමැතිනියගේ විධානයන්ද නොතකා සිටි නවසීලන්ත එන්නත් විරෝධීන්ට පොලීසියේ මැදිහත්වීමෙන් මේ වනවිට නගයෙන් ඉවත්වීමට සිදුවෙමින් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, කැනඩාවේ එන්නත් විරෝධීන්ද මේ වනවිට සිය ට්‍රක්රථ එකිනෙක ඉවත් කරමින් සිය විරෝධතාව විසුරුවා හරිම්න් සිටින බව වාර්තා වෙයි.



Recommended Articles