නවසීලන්ත දෛනික කොවිඩ් ආසාදනයන්ගේ පහළ යෑමක්


නවසීලන්තයේ මහජන සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ කැරොලයින් මැක්ල්නේ වාර්තා කළේ නවසීලන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙකු පමණක් ගෙවීගිය දිනයේදී වාර්තා වූ බවයි.

මෙම අලුත්ම වර්ධනය සිදුවන්නේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් විසින් රට තුළ කොවිඩ්-19 වෛරස පරීක්ෂාවන් සිදුවන ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කර තිබූ පසුබිමකය.

කෙසේ වෙතත් රටේ නව සීමාවන් පිලිපැදීම ගැන ඇය ඕක්ලන්ඩ්හි පදිංචිකරුවන්ට ස්තූති කිරීමට අමතක නොකළාය.

නවසීලන්තයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,729ක් සිටින අතර අවම වශයෙන් මරණ 22ක් වාර්තා වී තිබේ.



Recommended Articles