නවසීලන්ත දේශසීමා වැසුවත් කැමරන්ට විශේෂ අවසරයක්


ලොව සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ජේම්ස් කැමරන්ගේ නවතම චිත්‍රපටය වන 'ඇවටර් 2' හි නිෂ්පාදන කටයුතු සඳහා ඔහුට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට නවසීලන්තයට ඇතුළු වීම සඳහා එරට රජය විසින් විශේෂ අවසරයක් ලබාදී තිබේ.

නවසීලන්තය දැන් කොවිඩ්-19 හි කිසිදු සක්‍රීය ආසාදිතයෙකු වාර්තා වී නොමැති පසුබිමක මේ වනවිට එරට බොහෝ දුරස්ථ සීමා ඉවත් කර ඇති නමුත්, අනේවාසිකයන්ට රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා එහි ජාත්‍යන්තර දේශසීමා වසා දමා තිබේ.

එනම් විශේෂ අවසරයකින් තොරව රටට ඇතුළු වීම වළක්වා ඇත. එහිදී නවසීලන්ත ආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට රට තුළට ඇතුළු වී එහි සේවය කිරීමට අවසර දෙනු ලැබේ.

සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් එවැනි අයෙකි. ඔහුට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට නවසීලන්ත රජය විසින් 'ඇවටර් 2' හි වැඩ කිරීමට අවසර ලබා දී ඇත.

පළමු වැනි 'ඇවටර් 2' චිත්‍රපටය ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන අතර, එය 2009 දී ලොව පුරා බොක්ස් ඔෆිස් වාර්තා තබමින්, දළ වශයෙන් ඇ.ඩො.බිලියන 2.8ක් උපයා ඇත.

'ඇවටර් 2' චිත්‍රපටය තිරගත වීමට නියමිත දිනය 2020 දෙසැම්බර් 18 සිට 2021 දෙසැම්බර් 17 දක්වා වසරකින් ඉදිරියට පැමිණ තිබේ.

ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව නවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මේ වනවිට සුවය ලබා ඇති පිරිස 1,482කි. සක්‍රීය රෝගීන් කිසිවෙකු නැත.



Recommended Articles