නවසීලන්ත උතුරු දූපත ආශ්‍රිතව භූ කම්පනයක් - ජීවිත හානි නෑ


නවසීලන්තයේ උතුරුදිග දූපත්වල ඇති වූ රික්ටර් පරිමාණ 5.9ක භූ කම්පනය ප්ලෙන්ටි බොක්ක ආශ්‍රිතව ජීවත් වන දහස් ගණන් ජනතාවට දැනී තිබේ.

අද (24දා) පෙ.ව.5.34ට පමණ සාගරයේ ඇති වූ මෙම භූ කම්පනය ගොඩබිම සිට කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් ඇති වී ඇත.

දූපතේ බොහෝ ජනතාවට භූ කම්පනය දැනී ඇති අතර, ඇතැම් දෙනාට එය තදින් දැනී ඇති අතර, තවත් පිරිස්වලට සුළු භූ කම්පනක් දැනී තිබේ.

මුලින් රික්ටර් පරිමාණ 5.3ක භූ කම්පනයක් ලෙස දැනුණු මෙය පසුව රික්ටර් පරිමාණ 5.9ක් ලෙස වෙනස් කර ඇත.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සැලකිය යුතු හානියක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවන අතර, සුනාමි අනතුරක්ද වාර්තා නොවෙයි.



Recommended Articles