අගමැති ධුරය දරමින් සිටියදී මව්පදවිය ලැබූ ලොව දෙවැනි රාජ්‍ය නායිකාව බවට පත්වෙමින් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ඇර්ඩර්න් අද (21දා) සිය කුළුදුල් දරුවා ලෙස දියණියක කළාය.
37 හැවිරිදි ඇර්ඩර්න් සහ ඇගේ ස්වාමියා වන 40 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් ඔවුන්ගේ කැදැල්ලට එක්වූ දියණිය සමග ගත් ඡායාරූපයක්ද මාධ්‍ය වෙත ප්‍රසිද්ධියට පත්කර තිබුණි.
මීට පෙර අගමැති ධුරය ලබද්දීම මව් පදවියට හිමිකම් කීවේ පාකිස්තානයේ හිටපු අගමැතිනියක වූ බෙනාසීර් භූතෝය. ඒ 1990 දී ඇය සිය දෙවැනි දරුවා බිහිකරද්දීය.
ඔක්ලන්ඩ් රෝහලකදී අද උදෑසන කාලයේදී ඇය දරුවා බිහිකර තිබූ අතර, එය ඇයට දරු ප්‍රසූතියට නියම කළ දිනට දින හතරකට පසුව සිදුවූ උපතක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ අතර, අගමැතිනිය සති හයක කාලයක් මාතෘ නිවාඩුවකින් පසුව යළි සේවයට වාර්තා කරනු ඇති බව එරට රජය නිවේදනය කරයි.
එතෙක් හිස්වන අගමැති ධුරයේ රාජකාරි උප නියෝජ්‍ය අගමැති වින්ස්ටොන් පීටර්ස් විසින් දරනු ඇත.