තහවුරු කරනලද කොවිඩ්-19 ආසාදිතයෙකු සමග එකම ගුවන් යානයකින් ගමන් කිරීමෙන් පසු නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩෙන් ස්වයං හුදකලාව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ලෝකයේ කොවිඩ්-19 වසංගතය මුල සිටම හොඳින්ම කළමනාකරණය කළ රටක් ලෙස නවසීලන්තය සැලකුණත්, නව ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ එරට තුළද මේ වනවිට ආසාදිතයන්ගේ ඉහළ යාමක් වාර්තා වෙයි.