නවසීලන්ත අගමැතිට බැකප් යානයක් ගෙන යාම විවාදයට


නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් සිය චීන සංචාරය අතරතුර අමතර ගුවන් යානයක් රැගෙන යාම සම්බන්ධයෙන් එරට විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

විශේෂයෙන්ම, ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති මෙවන් වකවානුවක අගමැතිවරයා වෙනුවෙන් අමතර හිස් ගුවන් යානයක් රැගෙන යාම පරිසර හිතකාමී තීරණයක් නොවන බව එරට විපක්ෂ නායක ක්‍රිස් ලක්සන් පවසයි.

කෙසේ වෙතත්, නවසීලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, මෙම සංචාරයේදී අගමැතිවරයා සමග විශාල ව්‍යාපාරික කණ්ඩායමක් සහ මාධ්‍ය කණ්ඩායමක්ද සංචාරයට සම්බන්ධ වූ බැවින්, සංචාරයේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දීර්ඝ ගුවන් ගමන අතරතුර අමතර යානයක් යොදාගත් බවයි.



Recommended Articles