ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 150,000කට වැඩි සංඛ්‍යාවක් ගෙවීගිය දිනයේදී වාර්තා වූ බවයි.
"මේ දක්වා එක් දිනක් තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් අපට වාර්තා වී තිබෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවා හිදී මාධ්‍ය අමතමින් පවසා සිටියේය.
"එම ආසාදිතයන්ගෙන් අඩක් පමණ ඇමරිකානු කලාපයෙන් වාර්තා වූ අතර විශාල සංඛ්‍යාවක් දකුණු ආසියාවෙන් හා මැදපෙරදිගින්ද වාර්තා වී තිබෙනවා."
ටෙඩ්‍රොස් අනතුරු ඇඟවූයේ, "ලෝකය නව හා භයානක අවධියක පවතිනවා. බොහෝ අයට තවදුරටත් නිවසට වී සිටීම දැන් එපා වෙලා ඇති බව තේරුම් ගත හැකියි. ඒ නිසා රටවල් තම සමාජ හා ආර්ථිකයන් විවෘත කිරීමට උනන්දු වෙනවා. නමුත් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එය තවමත් මාරාන්තිකයි, බොහෝ මිනිසුන් තවමත් එයට ගොදුරු වෙනවා." යනුවෙන් අවධාරණය කරමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අඛණ්ඩව අන් අයගෙන් දුරස්ථත්ව සිටීමටත්, ඔබට අසනීපයක් දැනේ නම් නිවසේ රැඳී සිටීමටත්, පොදු ස්ථානයන් වැනි නිවසින් බැහර සුදුසු අවස්ථාවලදී මුඛ ආවරණයක් පැළඳීම සහ නිතරම අත් සේදීම සිදුකළ යුතු බවයි.