මීළඟට ඇතිවිය හැකි ගෝලීය වසංගතය හැසිරවිය යුතු ආකාරය දැක්වෙන නව ජාත්‍යන්තර ගිවිසුමක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් එකඟ වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් ජිනීවා හි පැවති විශේෂ රැස්වීමකදී මෙම යෝජනාව සම්මත කර ගත් අතර, 2024 දී බලාත්මක වන වසංගත සූදානම සහ ප්‍රතිචාරය පිළිබඳ නව ගිවිසුමකට තුඩු දිය යුතු ක්‍රියාවලිය දියත් කරන ලදී.