නව මූල්‍ය අනුපිළිවෙලක් ලෝකය තුළ සාකච්ඡා කෙරෙනු ඇති අතර බටහිරට එහි ප්‍රධාන අදහස් තවදුරටත් නොමැති බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් පවසා සිටියි.
යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඔවුන්ගේ හිතවත් රාජ්‍යයන් විසින් රුසියාවට පනවන ලද දැඩි සම්බාධකවලින් කිසිසේත්ම රට අඩපණ කිරීමට අසමත් වී ඇත. නමුත් ඒ වෙනුවට "බූමරංගයක් මෙන් බටහිරටම ඒ සම්බාධකවල ප්‍රතිවිපාක ආපසු යාම" දැකගත හැකි බව හිටපු රුසියානු ජනාධිපති සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති අවධාරණය කර තිබේ.
රුසියාව සීමා කිරීමට බටහිර "නිෂ්ඵල උත්සාහයන්" දිගටම කරගෙන යන අතර, "ලෝකය ක්‍රමයෙන් ගෝලීය ආර්ථික සබඳතා නව තර්කයක් වෙත යොමු කරමින්, නව මූල්‍ය ක්‍රමය නංවාලීම සඳහා කටයුතු කරන බව" ඔහු පැවසීය.
මෙද්වදෙව්ට අනුව, රුසියානු මහ බැංකුවේ සංචිත අවහිර කිරීම මගින් එක්සත් ජනපදය හා යුරෝපා සංගමය "ඔවුන්ගේ කීර්ති නාමය කෙලෙසා ගෙන" ඇත. "වෙනත් රටවල ගිණුම් අත්හිටුවන අයව විශ්වාස කරන්න බැහැ. පුද්ගලික දේපලවල පරිශුද්ධ භාවයේ මූලධර්මවලට පටහැනිව වෙනත් පුද්ගලයන්ගේ ව්‍යාපාරික වත්කම් සහ පුද්ගලික දේපළ සොරකම් කිරීමක් සිදුවෙලා." හිටපු නායකයා කියා සිටියේය.
සංචිත මුදල් (ඩොලර් හා යූරෝ) පිළිබඳ විශ්වාසය "උදෑසන මීදුම මෙන් මැකී යමින්" පවතින අතර, මෙම භූමිකාව තුළ ඩොලරය සහ යුරෝ අතහැර දැමීමේ අපේක්ෂාව තවදුරටත් එවැනි යථාර්ථවාදී නොවන අපේක්ෂාවක් ලෙස නොපෙනෙන බව ඔහු පැවසීය. "ප්‍රාදේශීය මුදල්වල යුගය පැමිණෙමින් තිබේ." මෙද්වදෙව් සඳහන් කළේය.
රුසියාව කියා සිටියේ මාර්තු 31 සිට, චීනය සහ සෞදි අරාබිය ඔවුන්ගේ තෙල් වෙළඳාම් සඳහා යුවාන් වෙත මාරුවීම ගැන සාකච්ඡා කරමින් සිටිමම මීට හොඳ නිදසුනක් බවය.