නව පැරෂුට් රෙජිමේන්තුවක් රුසියාව, ක්‍රිමියාවට යොදවයි


යුක්රේනයේ නාවික හමුදාව නංවාලීම සඳහා බ්‍රිතාන්‍ය ගිවිසුමක් ගැන ආන්දෝලනයෙන් පසුව, එලැඹෙන දෙසැම්බර් වන විට ක්‍රිමියාවට නව පැරෂුට් රෙජිමේන්තුවක් යොදවන බව රුසියාව තහවුරු කරයි.

මෙම දේශසීමා ආසන්නයේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් ව්‍යාප්ත වෙමින් පවතින වාතාවරණයක රුසියාව මෙම පියවර ගෙන තිබේ.

මාර්තු මාසයේදී ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසින් අඟවන ලද හමුදා ප්‍රතිසංස්කරණයක් සම්පූර්ණ කරමින් අර්ධද්වීපයේ නව රෙජිමේන්තුව ස්ථාපිත කරන බව රුසියානු හමුදාව ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා සඳහන් කළේය.



Recommended Articles