ලොවපුරා නගරවල වායු ගුණත්වය සැලකීමේදී චෑඩ් රාජ්‍යයේ ජමීනා නගරය, ඉන්දියාවේ නව දිල්ලිය සහ ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වායු ගුණත්වයෙන් පහළම අගයක පසුවන නගර බව අනාවරණය වෙයි.
විශේෂයෙන්ම මෙම නගරවන වායු ගුණත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන්ට වඩා 18 ගුණයක අපිරිසිදු බවකින් යුතු බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ලෝකයේ ධනය බෙදීයාම සහ ආර්ථික අතින් දියුණු රටවල් සැලකීමේදී එකී බොහෝ රටවල වායු ගුණත්වය හොඳ මට්ටමක පවතින අතර, රාජ්‍යයන්ගේ දුගීබවද වායු ගුණත්වය පහළ යෑම කෙරෙහි ප්‍රධාන සාධකයක් වී තිබේ.