නව ජනාවාස ඉදිකිරීමේ ඊශ්‍රායලයේ සැලැස්මක්


බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවල නව නිවාස ඒකක 1,355ක් ඉදිකිරීමට ටෙන්ඩර් නිකුත් කිරීම සම්බන්ධයෙන් පලස්තීනය විසින් ඊශ්‍රායලය හෙළා දැක තිබේ.

පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාවාස ඒකක 1,355කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම පලස්තීන භූමි තුළ ජනාවාස ඉදි කිරීම සඳහා වන ඊශ්‍රායලයේ අඛණ්ඩ උත්සාහය බවයි.

බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ මෙසේ ජනාවාස ගොඩනැගීම, ජනාවාස ප්‍රතික්ෂේප කරන ජාත්‍යන්තර නියෝගයන් අමු අමුවේ නොතකා හැරීමක් බව පලස්තීනය වැඩිදුරටත් පවසයි.



Recommended Articles