නව කොවිඩ් ප්‍රභේදය නිසා WTO සමුළුව කල් දැමෙයි


දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගනු ලැබූ ඉතා ශීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය නිසා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) සිය පළමු අමාත්‍ය රැස්වීම කල් දැමීමට තීරණය කර තිබේ.

WTO පැවසුවේ නව ප්‍රභේදය පුපුරා පැතිර යාමත් සමග ඇතැම් රටවල් දැනටමත් සංචාරක සීමා පනවා ඇති බැවින් බොහෝ රාජ්‍යයන්හි අමාත්‍යවරුන්ට ජිනීවා වෙත ළඟාවීම වළක්වා ඇති බැවින්, මෙම කල් දැමීමට ඔවුන් එකඟ වූ බවයි.

කෙසේ වෙතත් මෙම රැස්වීම නැවත පැවැත්වීම සඳහා මෙතෙක් දින නියම කර නොමැති බවද සඳහන් වෙයි.



Recommended Articles