නව කොරෝනා වෛරසය බලාපොරොත්තු වූවාට වඩා අඳුරු බව බිල් ගේට්ස් කියයි


නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් මෙන්ම, එක්සත් ජනපදය තුළ වර්තමානයේදී ක්‍රියාත්මක වීමේ පින්තූරය දෙස බැලීමේදී එය තමන් බලාපොරොත්තු වූවාට වඩා අඳුරු බව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසයි.

කොවිඩ්-19 වෛරසය පරීක්‍ෂා කිරීමේ හා සම්බන්ධතා ලුහුබැඳ යාමේ ඌනතාවන් මෙන්ම, මුඛ ආවරණයක් පැලඳීමට බොහෝදෙනා උනන්දු නොවීමද මේ වනවිට ගෝලීයවත්, එක්සත් ජනපදය තුළත් වෛරසය පැතිරීම වේගවත් වීමට හේතු වී ඇති බව ගේට්ස් සඳහන් කරයි.

"මේ වනවිට එක්සත් ජනපදයේ හැසිරීම් පරාසය දෙස බැලීමේදී, සමහර අය තමන් කරන දේ සම්බන්ධයෙන් ඉතා ගතානුගතික වීම සහ සමහර අය වසංගතය නොසලකා හැරීම අති විශාලයි" ගේට්ස් පැවසීය.

"මුඛ ආවරණයක් පැලඳීම දේශපාලනික දෙයක් ලෙස සමහර අයට දැනෙනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයක්" ගේට්ස් පවසන්නේ මෙය ඇමරිකාව තුළ තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් බවයි.



Recommended Articles