නව කොරෝනා වෛරසය නිසා හුබෙයි අවුරුදු නිවාඩුව දිගුවෙයි


නව කොරොන වයිරස් පැතිරී යාමත් හේතුවෙන් චීනයේ, හුබෙයි පළාත සඳහා නව චන්ද්‍ර අවුරුදු නිවාඩුව පෙබරවාරි 13දා දක්වා දීර්ඝ කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මෙම කාලය දීර්ඝ කිරීම අනෙකුත් චීන පළාත්වල සිටින නමුත් නිවාඩු කාලය තුළ හුබෙයි හි රැඳී සිටින පුද්ගලයින් සඳහාද අදාළ වන බව හුබෙයි පළාත් රජය පවසයි.

පාසල් සඳහා නව ආරම්භක දිනය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වෙන වෙනම ප්‍රකාශයට පත් කරන බවද රජය පවසයි.



Recommended Articles