නව කොරෝනා වසංගතයෙන් ලොව පුරා 500,000 මිය ගිහින්


නව කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (29දා) උදෑසන එම අගය දැක්වුණේ 501,233ක් ලෙසිනි.

මේ අතර, ගෝලීයව නව කොරෝනා වසංගතය ආසාදිත පිරිස ඊයේ සවස් භාගයේදී කෝටියේ සීමාව ඉක්මවා යමින් ලොවට බලවත් අනතුරු ඇඟවීමක් කර තිබුණේ රටවල් කිහිපයකම දෙවැනි ආසාදිත රැල්ලක් ඉස්මතු වීම පෙන්වා දෙමිනි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ලොව පුරා කොවිඩ්-19 ආසාදිත අගය අද (29දා) උදෑසන වාර්තා වූයේ 10,114,726ක් ලෙසිනි.

මේ අතර වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලැබූවන් ලොව පුරා ලක්ෂ 51ක් වාර්තා වන අතර, එම අගය අද උදෑසන 5,123,425ක් ලෙස සටහන් වී  ඇත.



Recommended Articles