නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස ඊයේ (08දා) දිනය නිමා වනවිට 813ක් දක්වා ඉහළ ගොස් ඇතත්, මේ වනවිට ඉන් සුවය ලැබූවන් පිරිසද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් 2,649ක් බවට පත් තිබේ.
එමෙන්ම වෛරසය ආසාදනය වූ බවට තහවුරු කරගෙන ඇති පිරිසද 37,567ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙයි.
මියගිය පිරිසෙන් 810 දෙනෙකුම චීනයෙන් වාර්තා වන අතර, දෙදෙනෙකු පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයෙන් වාර්තා වෙයි. එහිදී පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ දිනය තුළ පුද්ගලයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, ආසාදිතයන් පිරිස ඊයේ දිනයේදී 2,800ක් පමණ වාර්තා වී තිබුණි.
එමෙන්ම වෛරසයෙන් සුවය ලැබූවන් පිරිසද පෙරේරදා දිනයට සාපේක්ෂව ඊයේ දිනයේදී 600ක් දක්වා වර්ධනය වී තිබුණි.