නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (05දා) දිනය අවසන් වනවිට 567ක් දක්වා වර්ධනය වී තිබේ.
එහිදී චීනයෙන් පමණක් මරණ 563ක් වාර්තා වන අතර, සෙසු මරණ පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයෙන් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.
මේ අතර වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 28,260ක් ලෙසත්, ඉන් 200ක් විදේශයන්ගෙන් වාර්තා වන බවත් එම දත්ත වැඩිදුරටත් පවසයි.
වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාවද ශීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් මේ වනවිට 1,100ක් දක්වා වැඩිවී තිබේ.
පෙරේදා දිනය අවසන් වනවිට වාර්තා වූ මරණ සංඛ්‍යාව 492ක් බැවින්, ඊයේ දිනය තුළ පමණක් මරණ 75ක් වන අතර, එදින ආසාදිතයන් 3,715ක් සහ සුවය ලැබූවන් 208කි.