චීනයේ හුබෙයි පළාත කේන්ද්‍ර කර ගනිමින් පැතිර ගිය නව කොරෝනා වෛරසය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට අනතුර ඇඟවීම් සිදුකළ චීන ජාතික වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෛරසය පැතිර යන බවට පසුගිය දෙසැම්බර් 31දා ඔහු ප්‍රථම වරට අනතුරු ඇඟවීම සිදුකර තිබුණත්, වැරදි ප්‍රචාරයක් කරන බවට ඒ සම්බන්ධයෙන් ඔහුට විරෝධතාවක් එල්ල වී තිබුණි.
කෙසේ වෙතත්, එම වෛද්‍යවරයාද නව කොරෝනා වෛරස් රෝගයට ගොදුරුවදින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර, එහිදී තමා සිදුකළ අනාවරණය පිළිබඳව රෝහල්ගතව සිටියදී ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කරන්නට විය.
නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනය අවසන් වනවිට 638 දෙනෙකු වාර්තා වී තිබූ අතර, ආසාදිතයන් 30,000 ඉක්මවා තිබුණි. එමෙන්ම වෛරසයට ගොදුරුව සුවවූවන්ගේ ප්‍රමාණයද 1,540ක් දක්වා වර්ධනය වී තිබුණි.