චීනයේ කොරෝනා වෛරසය පැතිරී ගියදා සිට විවිධ ඖෂධ සමාගම්වල සහ වෙනත් ආයතනවල විද්‍යාඥයන් එය පැතිරීම වැළැක්වීම සඳහා එන්නතක් සැකසීමේ උත්සාහයක නිරත විය.
ඒ අනුව මෑතකදී, ෂැංහයි සමාගමක් විසින් නව එන්නතක සාම්පල නිෂ්පාදනය කර ඇති අතර, එය සතුන් වෙත ලබාදී පරීක්ෂාවට බඳුන් කරන බව කියයි.
ඕනෑම එන්නතක් මහජන භාවිතයට ගැනීමට පෙර සත්ව පරීක්ෂාව අත්‍යවශ්‍ය කාරණයකි. ෂැංහයි හි ටොංජි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සෞඛ්‍ය සම්පන්න මීයන් භාවිත කරමින් නව කොරෝනා වෛරස එන්නත් සාම්පල පරීක්ෂා කිරීම අරඹා තිබේ.
ටොංජි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය යටතේ ෂැංහයි නැගෙනහිර රෝහලේ සභාපති ලියු ෂොංමින් චීන මාධ්‍ය වෙත පැවසුවේ මෙය අපේක්ෂක එන්නත් සඳහා මූලික පරීක්ෂණයක් පමණක් බවයි.
මෙම වෛරසයට එරෙහිව ඵලදායී ප්‍රතිදේහ සොයා බැලීමෙන් පසුව, අපේක්ෂක එන්නත විෂ විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරන අතර, ඒ සඳහා වඳුරන් වැනි විශාල සතුන් යොදා ගැනෙන බව කියයි.