නව ඊශ්‍රායල අගමැති බෙනට් වෙත ලී කෙකියැං සුබ පතයි


ඊශ්‍රායලයේ දීර්ඝ කාලයක් සේවය කළ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් පසුව එරටට පත්වූ නව ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට්ට චීන අගමැති ලී කෙකියැං සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාවයේ ප්‍රගතියත් සමග චීනය සහ ඊශ්‍රායලය අතර සබඳතා මෑත වසරවල ක්‍රමානුකූලව වර්ධනය වී ඇතැයි ලී පැවසීය.

චීන රජය ඊශ්‍රායලය සමග සබඳතාවලට විශාල වැදගත්කමක් ලබාදෙන අතර ඊශ්‍රායලය සමග අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ විවිධ මට්ටම්වල සුහද හුවමාරුව පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත්, දෙරට අතර නවෝත්පාදන සඳහා පුළුල් සහයෝගීතාවයේ වැඩි දියුණුවක් චීනය අපේක්ෂා කරන බව චීන අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles