නයිරෝබි හෝටල් ප්‍රහාරයේ මරණ 21යි - 9ක් අත්අඩංගුවට


පුද්ගලයන් 21 දෙනෙකු මරු කැඳවමින් කෙන්යාවේ, නයිරෝබි නගරයේ හෝටල් සංකීර්ණයක් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩස්ටිඩී2 ලෙස ප්‍රකට මෙම හෝටලය වෙත ප්‍රහාරය එල්ල කිරීම සඳහා ත්‍රස්තයන් 5 දෙනෙකු පැමිණ තිබුණු අතර, ප්‍රහාරය අතරතුර මොවුන් ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්විය.

සෝමාලියාව කේන්ද්‍ර කරගත් අල්-ෂබාබ් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමට විරෝධය පෑමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බව කීය.

ඒ අනුව, විදේශිකයන් තෝරා ගනිමින් මෙහිදී ඝාතනය කිරීමද විශේෂත්වයක් වී ඇති අතර, ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව, මෙම ප්‍රහාරය සැලසුම් කළ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් දියත් වන අතර, ප්‍රහාරකයන් පැමිණියේ යැයි විශ්වාස කෙරෙන මෝටර් රථයද විශේෂ පරීක්ෂාවකට ලක්ව තිබේ.



Recommended Articles