නයිජීරියාවේ, වයඹදිග සැම්ෆාරා ප්‍රාන්තයේදී කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගිය පුද්ගලයින් 24දෙනෙකු බේරාගෙන ඇති බව පොලිස් ප්‍රකාශක මොහොමඩ් ෂේහු ප්‍රාන්ත අගනුවර පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
සිකුරාදා ආරක්ෂක අංශ සහ කොල්ලකරුවන් අතර ඇති වූ දරුණු වෙඩි හුවමාරුවකින් පසු මාස හතක් වයසැති ළදරුවෙකු ඇතුළු විපතට පත්වූවන් බේරා ගැනීමට හැකිවූ බව ෂෙහු වැඩිදුරටත් පැවසීය.
නයිජීරියාවේ මේ ආකාරයන් පැහැරගැනීම් පසුගිය වසර කිහිපය පුරාම වාර්තා වූ අතර, මූලිකව ත්රස්තයන්ගේ පැහැරගැනීම් මෙන්ම, මේ වනවිට කොල්ලකරුවන් විසින් සිදුකරන පැහැර ගැනීම්ද දැකිය හැකිය.