නයිජීරියාවේ පොලීසිය ළදරු කර්මාන්ත ශාලාවක් වටලයි


නයිජීරියානු පොලිසිය ගැබිනි කාන්තාවන් 19 දෙනෙකු ලාගෝස් හි රැඳවුම් නිවස්නයකින් නිදහස් කර ඇති අතර ඔවුන් එය "ළදරු කර්මාන්ත ශාලාවක්" ලෙස නම් කර තිබේ.

මෙහි සිටි බොහෝ කාන්තාවන් පැහැරගෙන ගොස් ඇත්තේ ඔවුන් ගැබ්ගන්වා, ළදරුවන් විකිණීමේ අරමුණින් බව පොලිස් සඳහන් කරයි.

එහිදී, නුපුහුණු හෙදියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

මෙහිදී, පිරිමි ළදරුවන් ඩොලර් 1,400 කට සහ ගැහැණු ළදරුවන් ඩොලර් 830කට විකුණා ඇතැයිද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම ජාවාරමේදී ළමයින් මිලදී ගැනීම කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.



Recommended Articles