නයිජීරියාව ප්‍රථම කොරෝනා මරණය වාර්තා කරයි


නයිජීරියාවේ නව කොරෝනා වෛරසය සම්බන්ධ ප්‍රථම මරණය අද (23දා) වාර්තා වූ බව එරට රෝග පාලන මධ්‍යස්ථානය පවසයි.

මෙම රෝගියා 67 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු එක්සත් රාජධානියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන මාර්තු මාසයේදී නැවත නයිජීරියාවට පැමිණ ඇති බව කියයි.

පිළිකා සහ දියවැඩියාව ඇතුළු සෞඛ්‍ය තත්ත්වයන් කිහිපයක් ඔහුට තිබූ අතර, ඔහු රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබාගෙන ඇති බවද සඳහන් වෙයි.

මේ අතර නයිජීරියාවේ නව කොරෝනා වෛරසය වැළඳුණු ඉතාලි ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව බලධාරීහු පවසති.



Recommended Articles