නයිජීරියානු ඉස්ලාමීය පාසල් වදකාගාරයෙන් 500ක් බේරාගෙන


නයිජීරියාවේ, උතුරුදිග කඩුනාහි ඉස්ලාමීය පාසලක පවත්වාගෙන ගිය වදකාගාරයක සිටි වැඩිහිටි පිරිමින් සහ ළමයින් 500ක් පමණ බේරාගෙන තිබේ.

මෙහි සිටි රැඳවියන්ට විවිධ ලිංගික අතවර සහ වධ හිංසා පමුණුවා ඇතැයි නයිජීරියානු පොලීසිය පවසයි.

ඉස්ලාමීය පාසලක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ, වයස අවුරුදු 5ක් තරම් වූ කුඩා දරුවන් පවා දම්වැල්වලින් බැඳ රඳවාගෙන සිට ඇත.

කඩුනා පොලිස් ප්‍රධානී අලී පවසා සිටියේ, සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරකට අනුව මෙම ගොඩනැගිල්ල වැටලූ බවයි.

මිනිසුන් වහලුන් ලෙස යොදාගත්, මිනිස් වදකාගාරයක් ලෙස මෙම ස්ථානහ හැඳින්විය හැකි බවද පොලිස් ප්‍රධානියා පවසයි.

මෙහිදී සැකකරුවන් අට දෙනෙකු අත්ඩංගුවට පත්ව ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගුරුවරුන් බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.



Recommended Articles