නයිජීරියා මුස්ලිම් පල්ලියක වෙඩි තැබීමකින් ජීවිත හානි


උතුරු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියක අලුයම යාඥාවක් අතරතුර ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුවන් විසින් අවම වශයෙන් වන්දනාකරුවන් 18 දෙනෙකු ඝාතනය කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ප්‍රදේශවාසීන්ට අනුව, ප්‍රහාරකයින් මෂේගු පළාත් පාලන ප්‍රදේශයේ මාසා-කූකා ප්‍රජාව වෙත මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් වගකීම භාරගෙන නොමැති අතර, ආරක්ෂක අංශ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.



Recommended Articles