නයිජීරියා දේවස්ථාන ප්‍රහාරය නිසා මරණ 40 දක්වා ඉහළට


නිරිතදිග නයිජීරියාවේ ඉරිදා දේවස්ථානයකට එල්ල වූ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 40දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ඔන්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු බැතිමතුන් 61දෙනා ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන බව ආණ්ඩුකාර අරකුන්රින් රොටිමි ඇකෙරෙදොලු ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය පිහිටි ඔවෝ නගරයේදී මාධ්‍ය වෙත පැවසීය.

මේ වනවිට දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, විපතට පත් වූවන්ට ගෞරවයක් වශයෙන් සියලුම පොදු ගොඩනැගිලිවල කොඩි අඩකුඹු කරන ලෙස නියෝග කළේය.



Recommended Articles