නයිජීරියා ජනපතිවරණයේ ජය වත්මන් ජනපති බුහාරි වෙතටම


නයිජීරියානු ජනාධිපතිවරණයෙන් වත්මන් ජනමති මුහම්මදු බුහාරි දෙවැනි වරටත් සිව් වසරක ධුර කාලය සඳහා තේරීපත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

76 වැනි වියෙහි පසුවන බුහාරි සමග මෙම ඡන්ද සටනට පිවිසි ප්‍රබලතම තරගකරුවා වූයේ හිටපු උප ජනාධිපතිවරයෙකු වූ අටිකු අබුබකර්ය.

කෙසේ වෙතත්, ඔහු මෙහිදී බුහාරිට පරාජය වී තිබුණේ ඡන්ද ලක්ෂ 40ක පමණ ප්‍රමාණයකිනි. එමෙන්ම ඔහු නියෝජනය කළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙම මැතිවරණය ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර තිබේ.

මැතිවරණය වරක් කල් දැමීම මෙන්ම, මැතිවරණ දූෂණ හා වංචාවලින් එය පිරී පැවති බවට චෝදනා නැගෙන අතර, ස්වාධීන නිරීක්ෂකයන්ටද මැතිවරණය නිරීක්ෂණය සඳහා අවස්ථාව ලැබී නොතිබුණි.

එහිදී, බුහාරිගේ සියලු ප්‍රගතිශීලී සන්ධානය ප්‍රාන්ත 36න් 19ක බලය තහවුරු කරගෙන තිබුණු අතර, විපක්ෂයට ප්‍රාන්ත 17ක බලය ලැබී තිබුණේ, එරට අගනුවර වන අබූජාද සමගිනි.



Recommended Articles