නයිජීරියා ජනපති හා උප ජනපති එන්නත් විද ගනියි


නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි සහ උප ජනාධිපති යෙමි ඔසින්බාජෝ විසින් අබුජා හි ජනාධිපති මන්දිරයේදී සිය පළමු කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් ලබාගෙන තිබේ.

මෙසේ එන්නත් ලබා ගනිමින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා එරට ජනතාවගෙන්ද ඉල්ලා සිටියේ කොවිඩ්-19 මර්දන එන්නත ලබාගන්නා ලෙසයි.

පසුගියදා එරටට ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 3.94ක් ලැබී තිබුණේ, බොහෝ දෙනා බලා සිටි පළමු එන්නත් තොගය ලෙස COVAX පහසුකම යටතේය.



Recommended Articles