නයිජර් හි පාසලක ඇති වූ ගින්නකින් ළමයි 21ක් මරුට


නයිජර් රාජ්‍යයේ දකුණුදිග මරඩි ප්‍රදේශයේ ළදරු පාසලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් දරුවන් 21දෙනෙකු මිය ගොස් 19දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

ගින්න හටගෙන ඇත්තේ පිදුරුවලින් තැනූ පන්ති කාමරවලය. පවතින දරිද්‍රතාව හේතුවෙන් එරට බොහෝ පාසල් පිදුරු කුටිවලින් නිමවී ඇති.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



Recommended Articles