නයිජර් රාජ්‍යයේ, බුර්කිනා ෆාසෝ දේශසීමාව ආසන්නයේදී සන්නද්ධ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් පැරාමිලිටරි පොලිස් භටයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 33දෙනෙකු තුවාල ලැබූ බව නයිජීරියානු රජය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පැවසුවේ, අඟහරුවාදා අලුයම නිරිතදිග නයිජර් හි වරාවු හිදී යතුරුපැදිවලින් සහ වෙනත් වාහනවලින් පැමිණි සන්නද්ධ ත්රස්තවාදීන් අසල ගම්මානවල ආරක්ෂක මෙහෙයුමක් කරමින් සිටි පැරාමිලිටරි භටයන්ට පහරදුන් බවයි.
මෙම ගැටුම්වලදී ත්රස්තවාදීන් 50දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පරාමිලිටරි භටයන් 6දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නයිරීඩියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.